දවසෙ පැය විසි හතර පුරාම
අපේ අත්දැකීම් විඥාණයෙ තැන්පත් වෙනවා.
මේ අත්දැකීම්
ප්‍රිය අප්‍රිය ලෙස වින්දොත් හැර
සිතට නොවැදගත් අත්දැකීම් ලෙස
සිතින් නොසලකා හැරෙනවා.
හැම මොහොතකම
පසිඳුරන්ගෙන් ලැබෙන තොරතුරු
සියයට අනූවකටත් වඩා
මෝහය මුල් කරගත් අත්දැකීම් විදියට
විඥාණයේ තැන්පත් වෙනවා.
පොතපතෙන් ලබන දැනුමත්
මිනිස් විඥාණය සලකන්නෙ
මෝහ මූලික අත්දැකීමක් විදියටයි.
ගීත, අසභ්‍ය කතා ආදිය
අත්දැකීම් සම්බන්ධ කරගෙන විඳීම නිසා
රාග ද්වේශ නිශ්‍රිත මතක සටහන් ලෙස
විඥාණයෙ රැඳෙනවා.
අදාළ හැඟීම උත්තේජනය වීමෙන්
පහසුවෙන් මතක් වෙනවා.
ප්‍රිය අප්‍රිය දෙක හෝ නොසලකා හැරීම
රාග ද්වේශ මෝහ වශයෙන්
ඒ තොරතුරු වලට වර්ණය ලබා දෙනවා.
ඉතිරි තොරතුරු ප්‍රඥාව ලෙස
කළු සුදු පාටින් විඥාණයේ සටහන් වෙනවා.
පොත පතෙන් ලැබෙන දැනුම
මතකය විදියට විඥාණයේ රැඳෙනවා.
අපේ අත්දැකීම් විඥාණයෙ තැන්පත් වෙනවා.
මේ අත්දැකීම්
ප්‍රිය අප්‍රිය ලෙස වින්දොත් හැර
සිතට නොවැදගත් අත්දැකීම් ලෙස
සිතින් නොසලකා හැරෙනවා.
හැම මොහොතකම
පසිඳුරන්ගෙන් ලැබෙන තොරතුරු
සියයට අනූවකටත් වඩා
මෝහය මුල් කරගත් අත්දැකීම් විදියට
විඥාණයේ තැන්පත් වෙනවා.
පොතපතෙන් ලබන දැනුමත්
මිනිස් විඥාණය සලකන්නෙ
මෝහ මූලික අත්දැකීමක් විදියටයි.
ගීත, අසභ්‍ය කතා ආදිය
අත්දැකීම් සම්බන්ධ කරගෙන විඳීම නිසා
රාග ද්වේශ නිශ්‍රිත මතක සටහන් ලෙස
විඥාණයෙ රැඳෙනවා.
අදාළ හැඟීම උත්තේජනය වීමෙන්
පහසුවෙන් මතක් වෙනවා.
ප්‍රිය අප්‍රිය දෙක හෝ නොසලකා හැරීම
රාග ද්වේශ මෝහ වශයෙන්
ඒ තොරතුරු වලට වර්ණය ලබා දෙනවා.
ඉතිරි තොරතුරු ප්‍රඥාව ලෙස
කළු සුදු පාටින් විඥාණයේ සටහන් වෙනවා.
පොත පතෙන් ලැබෙන දැනුම
මතකය විදියට විඥාණයේ රැඳෙනවා.
මතකය පවතින්නෙ වචන ආකාරයෙන්.
ප්‍රඥාව කියන්නෙ
විඳින ලද අත්දැකීමක අවබෝධයයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiOAC71xqKwjqXciA6yFv2lCoE1HDIiKqspic2KEw0V5lwXU-qOUEUqKf6rQC1QaJFzo8m-fcI2fkWGqufz3fOMps68cXqDwzTDXtGJOwD7R_hyaDAlHK6T_c6X8myLxEj8oKemFO84kuk/s400/Prgna-denuma+copy.jpg)
ගින්නට පිළිස්සීමෙ අත්දැකීමක් නොලබා
ගින්නට පිළිස්සීම පිළිබඳව
මහාචාර්ය පදවිය ලබන කෙනෙකුට
ඔහු ගින්න ගැන දන්නා කිසිම දේකින්
පිළිස්සීමෙ අත්දැකීම විඳ පසක් කරන්න බැහැ.
මතකයේ රැඳෙන
වචනවලට එවැනි ශක්තියක් නැහැ..
ගිනිකූරකට පිළිස්සෙන ළදරුවෙක්
ගින්න පිළිබඳ ප්‍රඥාවෙන්
මහාචාර්යවරයා පරදවනවා.
මතක ශක්තිය කියන්නෙ
විඥාණයෙ රැස්වෙන තොරතුරු
නැවත ලබා ගැනීමේ හැකියාවයි.
මතක තබා ගැනීමෙන්
ප්‍රඥාවක් ඇති වෙන්නෙ නැහැ.
ශීලයෙන් වැඩෙන සංවර බව
සමථයෙන් වැඩෙන සමාහිත බව
විපස්සනාවෙන් වැඩෙන සිහිය සහ උපේක්ෂාව
මතක ශක්තියට ආධාරකයි.
තැන්පත් තොරතුරු මත තර්ක කිරීමෙන්
නව තොරතුරු නිර්මාණය කරගන්නට
මිනිස් සිතට හැකියාව තිබුණත්
ඒ නව දැනුමත් ප්‍රඥාව නොවෙයි.
ඉල්ලා ගත් වචන තමන්ගෙ වචන සමග
සංසර්ගයට බඳුන් කිරීමෙන්
ප්‍රඥාව උපදින්නෙ නැහැ.
බොහෝ විට තර්කයෙන් උපදින්නෙ
මිථ්‍යා දෘෂ්ඨීන් පමණයි.
තමන්ගෙ දැනුමෙන් තර්ක කරමින්
දුර්වල මිථ්‍යා දෘෂ්ඨි සකස් කරන
දුර්වල තර්ක ශක්තියක් ඇති මිනිසුන්
ප්‍රබල තර්ක ශක්තියක් ඇති අය ළඟ
දැපනෙ වැටෙනවා.
ඔහු සෝවාන් ආදී මග ඵල ලැබූවෙක්
බුදුවරයෙක් කියා ඔහුට රැවටෙනවා.
ප්‍රඥාවන්තයාට මිසදිටු බව පෙනෙනනවා.
ගින්නට වරක් පිළිස්සුණ ළදරුවෙකුට
ගින්නට කවදාවත් නොපිළිස්සුණ
මහාචාර්ය වරයාගෙ බොරුව හැඟෙනවා.
ලෝකය මහාචාර්යවරයා පසු පස යද්දී
ළදරුවා තමන්ගෙ මග ගමන් කරනවා.
තමන් නොවිඳින දේ ගැන
පොත්පත් හදාරා, දේශන අසා
මතක ශක්තියෙන් මනස කුරුවල් කර ගැනීම
වෙනම කරුණක්.
අපි එදිනෙදා ලබන අත්දැකීම වලිනුත්
අපි පාඩම ඉගෙන නොගන්නෙ ඇයි.?
සුරාවට, සූදුවට, කාමයට ලොල්වෙන
සමස්ත මිනිස් සමාජයම
තමන් විඳින දුක් කරදර වලින්
ප්‍රඥාව නොලබන්නෙ ඇයි?
ප්‍රිය අප්‍රිය දෙක හෝ නොසලකා හැරීම නිසා
අපි දකින දේවල් නියමාකාරයෙන් පෙනෙන්නෙ නෑ.
ප්‍රිය දේ සුඛ විදියටත්
අප්‍රිය දේ දුක්ඛ විදියටත්
නොසලකා හරින දේ අදුක්ඛම අසුඛ ලෙසත්
ප්‍රඥාව කියන්නෙ
විඳින ලද අත්දැකීමක අවබෝධයයි.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiOAC71xqKwjqXciA6yFv2lCoE1HDIiKqspic2KEw0V5lwXU-qOUEUqKf6rQC1QaJFzo8m-fcI2fkWGqufz3fOMps68cXqDwzTDXtGJOwD7R_hyaDAlHK6T_c6X8myLxEj8oKemFO84kuk/s400/Prgna-denuma+copy.jpg)
ගින්නට පිළිස්සීමෙ අත්දැකීමක් නොලබා
ගින්නට පිළිස්සීම පිළිබඳව
මහාචාර්ය පදවිය ලබන කෙනෙකුට
ඔහු ගින්න ගැන දන්නා කිසිම දේකින්
පිළිස්සීමෙ අත්දැකීම විඳ පසක් කරන්න බැහැ.
මතකයේ රැඳෙන
වචනවලට එවැනි ශක්තියක් නැහැ..
ගිනිකූරකට පිළිස්සෙන ළදරුවෙක්
ගින්න පිළිබඳ ප්‍රඥාවෙන්
මහාචාර්යවරයා පරදවනවා.
මතක ශක්තිය කියන්නෙ
විඥාණයෙ රැස්වෙන තොරතුරු
නැවත ලබා ගැනීමේ හැකියාවයි.
මතක තබා ගැනීමෙන්
ප්‍රඥාවක් ඇති වෙන්නෙ නැහැ.
ශීලයෙන් වැඩෙන සංවර බව
සමථයෙන් වැඩෙන සමාහිත බව
විපස්සනාවෙන් වැඩෙන සිහිය සහ උපේක්ෂාව
මතක ශක්තියට ආධාරකයි.
තැන්පත් තොරතුරු මත තර්ක කිරීමෙන්
නව තොරතුරු නිර්මාණය කරගන්නට
මිනිස් සිතට හැකියාව තිබුණත්
ඒ නව දැනුමත් ප්‍රඥාව නොවෙයි.
ඉල්ලා ගත් වචන තමන්ගෙ වචන සමග
සංසර්ගයට බඳුන් කිරීමෙන්
ප්‍රඥාව උපදින්නෙ නැහැ.
බොහෝ විට තර්කයෙන් උපදින්නෙ
මිථ්‍යා දෘෂ්ඨීන් පමණයි.
තමන්ගෙ දැනුමෙන් තර්ක කරමින්
දුර්වල මිථ්‍යා දෘෂ්ඨි සකස් කරන
දුර්වල තර්ක ශක්තියක් ඇති මිනිසුන්
ප්‍රබල තර්ක ශක්තියක් ඇති අය ළඟ
දැපනෙ වැටෙනවා.
ඔහු සෝවාන් ආදී මග ඵල ලැබූවෙක්
බුදුවරයෙක් කියා ඔහුට රැවටෙනවා.
ප්‍රඥාවන්තයාට මිසදිටු බව පෙනෙනනවා.
ගින්නට වරක් පිළිස්සුණ ළදරුවෙකුට
ගින්නට කවදාවත් නොපිළිස්සුණ
මහාචාර්ය වරයාගෙ බොරුව හැඟෙනවා.
ලෝකය මහාචාර්යවරයා පසු පස යද්දී
ළදරුවා තමන්ගෙ මග ගමන් කරනවා.
තමන් නොවිඳින දේ ගැන
පොත්පත් හදාරා, දේශන අසා
මතක ශක්තියෙන් මනස කුරුවල් කර ගැනීම
වෙනම කරුණක්.
අපි එදිනෙදා ලබන අත්දැකීම වලිනුත්
අපි පාඩම ඉගෙන නොගන්නෙ ඇයි.?
සුරාවට, සූදුවට, කාමයට ලොල්වෙන
සමස්ත මිනිස් සමාජයම
තමන් විඳින දුක් කරදර වලින්
ප්‍රඥාව නොලබන්නෙ ඇයි?
ප්‍රිය අප්‍රිය දෙක හෝ නොසලකා හැරීම නිසා
අපි දකින දේවල් නියමාකාරයෙන් පෙනෙන්නෙ නෑ.
ප්‍රිය දේ සුඛ විදියටත්
අප්‍රිය දේ දුක්ඛ විදියටත්
නොසලකා හරින දේ අදුක්ඛම අසුඛ ලෙසත්
අපි සලකන නිසා
සංස්කාර හැදෙනවා.
සංස්කාර වලින් අපේ දැක්ම විකෘති කරනවා.
අපි දකින්නෙ ඇත්ත නොවෙයි.
අපේ ප්‍රිය අප්‍රිය බවට සාපේක්ෂ
විකෘති සත්‍යයක් අපි දකිනවා.
අපි සුඛ වශයෙන් දකින ප්‍රිය දේ ළං කරගන්නත්
අපි දුක්ඛ වශයෙන් දකින අප්‍රිය දේ ඈත් කරන්නත්
දවස පුරා උත්සාහ කරන අපට
ඇත්ත නොවෙයි පෙනෙන්නෙ.
අපි සුඛ කියා හඳුනාගන්න දෙයින් දුකත්
දුක් වශයෙන් ගන්න දේ තුලින් සැපත්
ලැබෙන්න පුලුවන්.
අපි දුක සැප විඳින්නෙ
ඒ විඳින මොහොතට සාපේක්ෂවයි.
ඒ මොහොත උණුසුම් නම්
කයට දුක් දෙන අයිස්ක්‍රීම් එක අපිට ප්‍රියයි.
ඒ මොහොත සීතල නම්
කයට දුක් දෙන උණු තේ එක අපිට ප්‍රියයි.
සංස්කාර හැදෙනවා.
සංස්කාර වලින් අපේ දැක්ම විකෘති කරනවා.
අපි දකින්නෙ ඇත්ත නොවෙයි.
අපේ ප්‍රිය අප්‍රිය බවට සාපේක්ෂ
විකෘති සත්‍යයක් අපි දකිනවා.
අපි සුඛ වශයෙන් දකින ප්‍රිය දේ ළං කරගන්නත්
අපි දුක්ඛ වශයෙන් දකින අප්‍රිය දේ ඈත් කරන්නත්
දවස පුරා උත්සාහ කරන අපට
ඇත්ත නොවෙයි පෙනෙන්නෙ.
අපි සුඛ කියා හඳුනාගන්න දෙයින් දුකත්
දුක් වශයෙන් ගන්න දේ තුලින් සැපත්
ලැබෙන්න පුලුවන්.
අපි දුක සැප විඳින්නෙ
ඒ විඳින මොහොතට සාපේක්ෂවයි.
ඒ මොහොත උණුසුම් නම්
කයට දුක් දෙන අයිස්ක්‍රීම් එක අපිට ප්‍රියයි.
ඒ මොහොත සීතල නම්
කයට දුක් දෙන උණු තේ එක අපිට ප්‍රියයි.
සීතල ප්‍රදේශයකදි අයිස්ක්‍රීම් අප්‍රියයි.
උෂ්ණ ප්‍රදේශයකදි උණුවෙන් තේ අප්‍රියයි.
කයට සාපේක්ෂව
එකම තාපයෙ උශ්ණත්ව පරාස දෙකක්.
මිනිසා ඒ දෙක අවස්ථානුකූලව
ප්‍රිය අප්‍රිය විදියට
විඥාණයෙ සටහන් කරගන්නවා.
සැප කියන්නෙ
අපි විඳින මොහොතට සාපේක්ෂව
එකම දුකක අපි ප්‍රිය කරන පරාසය බව
ප්‍රඥාවන්තයාට වැටහෙනවා.
සැප නොලැබීමත් දුකට පත් වීමත් නිසා
විඥාණයෙන් කෙලෙස් මතු වෙන විට
මිනිසා දුකට පත් වෙනවා.
ඔහු දොස් නගන්නේ බාහිර ලෝකයටයි.
ගැටලුවට මුල් වන්නේ ඔහුගේම කෙලෙස් බව
ඔහුට හඳුනාගන්නට බැහැ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj_91BcB_JcIeD42d6wIN6Gl5TWlsMoWSO8ullbEYqdJEdcTOdc3vYuLqWLUenQdYYUgTs-0HNnyLSUlaHXGuDjlK6glIryVodeA7fNOA-FHvKfnCzq9MKA7Zp1FUeRUIAhq5-wth3g49E/s1600/Kles-to+Action+copy.jpg)
කෙලෙස් ඇවිස්සීම නිසා
ආවේගශීලී වන මිනිසාගෙ දැක්ම
ඇවිස්සුණ කෙලෙස් වලින් අඳුරු වෙනවා.
ඔහු පාපයට, ත්‍රස්තවාදයට,
අපරාධවලට පෙළඹෙනවා.
මේ බව තේරුම් ගෙන සීලය වඩන්නා
ගැටලුවට මුල් වන්නේ ඔහුගේම කෙලෙස් බව දකින ඔහු
සමාධිය සොයන්න පටන් ගන්නවා.
සමථ භාවනා වඩන කෙනෙකුගෙ
සමාධිය වැඩෙද්දි
රාග ද්වේශ මෝහ කෙළෙස්
විඥාණය තුළ තැන්පත් වෙනවා.
මතකය, තර්කනය, කළමනාකරණය වැනි
දක්ෂතා වැඩෙනවා.
ඔහුගෙ ප්‍රඥාව වැඩෙන්නෙ නැහැ.
අපට අවශ්‍ය සත්‍ය තොරතුරු
ප්‍රඥාව ලෙස ඉතිරි වෙනවා.
විපස්සනා වඩා
විඥාණයෙන් කෙළෙස් ඉවත් කිරීමෙන්
ප්‍රඥාව ඉතිරිවෙනවා.
කෙළෙස් නිසා ප්‍රඥාව අඩු වැඩි වෙනවා.
ලබා තියන අත්දැකීම් ප්‍රමාණය අනුව
ප්‍රඥාව අඩු වැඩි වෙනවා.
සම්මා සම්බුද්ධත්වය සඳහා
හැම බෝසත් කෙනෙක්ම
දීර්ඝ කාලීනව සසරෙ වෙසෙමින්
පාරමී පුරනවා.
ශ්‍රාවක බුදු වරු සහ පසේ බුදු වරු
සසර වසන කාලය අඩුයි.
ඒ නිසා ප්‍රඥාවත් අඩුයි.
කෙලෙස් සපුරා නැසෙන නිසා
නිවන එකයි.
ඒ හැම කෙනෙක්ම අවසාන ජීවිතයෙදි
විපස්සනා වඩා සව් කෙලෙසුන් නසා
විඥාණයෙ තැන්පත් වෙලා තියන
සසර රැස් කරගත් ප්‍රඥාව
නිදහස් කරගන්නවා.
No comments:
Post a Comment