20140416
පංචස්කන්ධය සහ වේදනා වර්ග තුන
මේ දවස් ටිකේම
පොඩි දෙන්නත් එක්ක එකතු වෙලා
ඵස්ස වේදනා සංඥා සංඛාර විඥ්ඥාණ
පිළිබඳව හැදෑරුවා.
පුතාට පහම පැහැදිලි කරන්න පුලුවන්..
දෝණිට උදව් කලාම පුලුවන්..
අද,
වේදනා වර්ග තුන ගැන කියද්දි
සීතල තමයි අත්දැකීම ලෙස ගත්තෙ.
පුතාලට පංචස්කන්ධය කියල දුන්නෙ
රසට අදාළවයි..
පුතාට පංචස්කන්ධය
පැහැදිලි කරන්න කිව්වම
ඔහු පැහැදිලි කලේ
අද කතා කළ සීතලට අදාළවයි.
ඵස්ස, සුළඟ ගෑවෙනවා..
වේදනා, සැප වේදනාවක් ඇතිවෙනවා,
සංඥා, සීතල සුළඟ ලෙස හඳුනා ගන්නවා,
සංඛාර, ප්‍රිය අප්‍රිය වශයෙන් බෙදනවා.
විඥ්ඥාණ, "සීතල සුළඟ ප්‍රියයි" ලියාගන්නවා.
අද සංවාදයෙදි මතු වූ වැදගත් කරුණු කීපයක්.
1, රස්නෙ වෙලාවට සීතල ප්‍රියයි.
සීතල වෙලාවට සීතල අප්‍රියයි.
2, ඇතුලෙ රස්නෙ තියෙද්දි පිට සීතල තියනවා.
3, කයට දැනෙන්නෙ වේදනා.
සුඛ, දුක්ඛ, අදුක්ඛමසුඛ වේදනා.
ප්‍රිය අප්‍රිය දැනෙන්නෙ සිතටයි.
සුඛ වේදනා ප්‍රියයි.
දුක්ඛ වේදනා අප්‍රියයි.
අදුක්ඛමසුඛ දැනෙන්නෙ නැහැ.
4, ඇතුලෙ රස්නය ගැන
සිහියෙන් ඉන්න කෙනා
දුක් විඳිනවා.
පිටත සීතල ගැන
සිහියෙන් ඉන්න කෙනා
සැපෙන් ඉන්නවා.
සිහිය සම්පූර්ණ කෙනා
ඇතුළත අත්දැකීමත්
පිටත අත්දැකීමත්
දෙකම විඳිනවා.
ඔහු සම්පජානෝ සතියෙන් ඉන්නවා.
අද සංවාදයෙදි
ඔවුන් වේදනා වර්ග තුන හඳුනාගත්තා,
සුඛ, දුක්ඛ, අදුක්ඛමසුඛ වේදනා.
අද අපි උදෙ 6 සිට පැය දෙකහමාරක්
වේදනා ගැන සංවාද කළා.
දවස පුරාත් වරින්වර
මේ කරුණු වලට අදාළව
ඔවුන් කතා කරනවා.
ප්‍රශ්න ඇහුවොත් පිළිතුරු දෙනවා.
සබ්බ රසං ධම්ම රසං ජිනාති
කියන්නෙ කොයි තරම් ප්‍රබල සත්‍යයක්ද?
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment