![](https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-frc1/577225_10200942955642834_1876349634_n.jpg)
තිරිසන් සතා ඉක්මවා
මිනිසා වැඩ කරන්නෙ
මිනිසාගේ ඉන්ද්‍රිය වලට ගෝචර වෙන දේ පිළිබඳව
1, මිනිසාගේ සිහිය පුලුල් නිසයි
2, මිනිසාගේ උපේක්ෂාව ප්‍රබල නිසයි.
සිහිය හා උපේක්ෂාව
වීර්යයෙන් පවත්වාගැනීම
තිරිසනාට සහ
බාලයාට කරන්න බැහැ.
සාමාන්‍ය මිනිසාටත්
වීර්යයෙන් තොරව
සිහිය හා උපේක්ෂාව පවත්වාගැනීම
කරන්න බැහැ.
ඔබේ මනසට සහ පසිඳුරන්ට
විවිධාකාර තොරතුරු ලැබෙමින් තියනවා.
ඔබ දකින තොරතුරු අල්පයි..
බහුතරයක් ඔබ නොදැනුවත්ව
ඔබ තුළ කල් පවතින
වෙනස්කම් ඇති කරනවා.
ඔබේ සිරුර වැය වෙනවා.
මනස වැය වෙනවා.
දිනෙන් දින ඔබේ සිහිය පිර්හෙනවා.
ඔබ කරන වැඩ කටයුතු අඩු කරමින්
සිහිය පවත්වා ගන්නවා.
සිහිනෙන් ඇවිදින්නෙකු මෙන්
ඔබ වයසට යනවා.
කය මිය නොගොස් සිත මිය ගියොත්
ඔබ මිය යන තුරුම
අවසිහියෙන් ජීවත් වෙනවා.
ඔබේ මනසට සහ පසිඳුරන්ට
විවිධාකාර තොරතුරු ලැබෙමින් තියනවා.
සිහිය දියුණු වෙන්නට නම්
ඔබ මේ සියලු දේ පිළිබඳව
සිහියෙන් සිටිය යුතුයි.
මේ මොහොතෙ
ඔබ අත්විඳින සියලු දේ පිළිබඳව
ප්‍රිය, අප්‍රිය සහ ප්‍රියත් අප්‍රියත් නැති
සියල්ල පිළිබඳව සිහියෙන් සිටිය යුතුයි.
ඒ සඳහා උපේක්ෂාවත් අවශ්‍යයි.
උපේක්ෂාව නැත්නම් සිහිය බිඳෙනවා.
මේ මොහොතෙ
ඔබ අත්විඳින සියලු දේ පිළිබඳවඔබට සිහිය තියනවද?
නැහැ.
මේ මොහොතෙ අත්විඳින
සියලු දේ අතරෙන්
ඔබ දකින සීමිත දේටත්
ඔබ තුළ උපේක්ෂාව නැහැ.
මටත් එහෙමයි.
අපි සියලු දෙනාටම
මේ සත්‍යය වෙනසක් නැහැ.
ඔබට සිහිය තියනවා කියල හිතනවාද?
විමසා බලමු.
මීට ටික වෙලාවකට පෙර සිට
ඔබ වෙනස් කළ ඉරියව්
දැන් ඔබට සිහි කළ හැකිද?
ඔබට උපේක්ෂාව තියනවා
කියල ඔබ හිතනවාද?
විමසා බලමු.
ඔබ දැන් ඉන්න ඉරියව්වේම ගැන සිහියෙන්
වෙන කිසිවක් පිළිබඳව නොසිතා
ඉරියව්ව වෙනස් නොකොට
හැකි උපරිම වෙලාව නිසලව ඉන්න..
ඔබේ සිහිය දියුණු නම්
ඔබට ඔබේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය දැනේවි.
යම් යම් ස්ථානවල රුධිර සංසරණයත් දැනේවි.
ඔබට විශාල සැහැල්ලුවක් දැනේවි.
ඔබේ සිහියත් උපේක්ෂාවත්
නොබිඳී පවත්වාගත හැකි කාලය
එපමණයි.
ඔබේ මිනිසත් බව තීරණය වන්නේ
මේ කාලය මතයි..
මේ කාලය අඩුවෙන විට
ඔබ ගමන් කරන්නේ
තිරිසන් සතුන් දෙසටයි.
අපි තිරිසනාට බෙහෙවින්ම සමීපයි.
සමහර වෙලාවට
අපිට තිරිසනා ඉක්මවා යන්නත් පුලුවන්.
එක් එක් පුද්ගලයාගෙ මිනිසත් බව
අන් සියල්ලන්ටම වඩා වෙනස්.
ඔහුගෙ තිරිසන් බවත්
අන් සියල්ලන්ටම වඩා වෙනස්.
ඔබේ මිනිසත් බව කියන්නෙ
මේ මොහොතෙ
ඔබ තුළ දැනෙන සියලු දේ පිළිබඳව
ඔබට ඇති සිහිය සහ
ඔබ සිහියෙන් දකින සියල්ලට
මේ මොහොතෙ
ඔබ තුළ ඇති උපේක්ෂාවයි.
මිනිසා තිරිසන් සතා ඉක්මවා යන්නෙ
ඉන්ද්‍රිය වලට ගෝචර වෙන දේ පිළිබඳව ඇති
1, සිහිය පුලුල් නිසයි
2, උපේක්ෂාව ප්‍රබල නිසයි.
එක් මිනිසෙක්
තවත් මිනිසෙක් ඉක්මවා යන්නෙ
1, ඔහුගෙ තමන් පිළිබඳව ඇති සිහිය
අනික් මිනිසාට වඩා දියුණු නිසායි.
2, සිහියෙන් ඉන්න දේ පිළිබඳව
ඔහු තුළ ඇති උපේක්ෂාව
අනික් මිනිසාට වඩා ප්‍රබල නිසයි.
මිනිසා දුක් විඳින්නෙ
1, ඔහුට තමන් පිළිබඳව
තමන්ගෙ සිත හා කය පිළිබඳව
සිහිය නැති නිසායි....
2, සිහියෙන් ඉන්න දේ පිළිබඳව
ඔහු තුළ උපේක්ෂාව නැති නිසයි.
-----------------------------------------------------------------------
මිනිසා දුකෙන් මිදෙන මග
1, සමස්තයක් විදියට
තමාගෙ කය හා සිත
මේ මොහොතෙ අත් විඳින සියල්ල පිළිබඳව
සිහිය පිහිටුවා ගැනීම
2, මේ මොහොතෙ සිහියෙන් දකින සියල්ලටම
උපරිම උපේක්ෂාවෙන් විසීම.
කවදා හෝ
ඔබ විඳින දුක් වලින්
යම් නිදහසක් ලබන්නට නම්
ඔබත් මේ සත්‍යය ඔබම
වටහාගත යුතුයි.
බුදු දහමෙ පදනමත්
බුදු දහමෙ හරයත්
සිහිය සහ උපේක්ෂාවයි.
බුදු දහමෙ මූලිකම කාර්යය
1, එක් මොහොතක් තුළ දැනෙන සියලු දේ පිළිබඳව
මොහොතින් මොහොතට ඇති සිහිය පිහිටුවීමට
2, එක් මොහොතක් තුළ දැනෙන සියලු දේ පිළිබඳව
ඔබට ඇති උපේක්ෂාව තියුණු කරගැනීමට
ඔබට මග පෙන්වීමයි.
ඔබ ලබන දියුණුව
සම්පූර්ණයෙන්ම රඳා පවතින්නෙ
ඔබ ඒ මග ගමන් කිරීම මතයි.
ඒ මග තවත් කෙනෙක් හරහා වැටී නැහැ.
ඔබ තනිවම ඒ මග යා යුතුයි.
බුදුන් වහන්සේට අනුව...
1, සත්වයාගේ විශුද්ධියට,
2, සෝක පරිදේව සමතයට හා ඉක්මවීමට.
3, දුක් දොම්නස් අස්තංගත වීමට
4, ප්‍රඥාව ඉහළ යාමට
5, නිවන සාක්ශාත් කිරීමට
“එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.
කවර වූ සතරෙක්ද?
1, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,
2, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්]
වේදනා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,
3, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,
4, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[සිතෙහි වෙනස්වීම්]
දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි,
------------------------------------------------------------
දැන්....
මා කියූ සියල්ල අමතක කරන්න.
ඔබ බුදුන් වහන්සේ සමග එකඟද.?
නැහැ.
ඔබට බුදුන්වහන්සේ කී දේ වැටහුණේ නැහැ.
No comments:
Post a Comment