බුදුන් වහන්සේ කියන්නෙ
දරුවාගේ පළමු ගුරුවරු දෙමාපියන් බවයි.
මම මගේ දරුවන්ට
අවුරුදු තුන හතරෙ පටන්ම
බුදු දහම උගන්වනවා.
දරුවන් වැඩිහිටියන් වූ විට
ආර්ථික අතින් සමාජීය අතින්..
කවර ආකාරයෙන් ජීවත් වුණත්
මොන මට්ටමක ජීවත් වුණත්
මට කමක් නැහැ..
ඔවුන් කෝටිපතියන් වුවත්,
පාරෙ කාණු හෑරුවත්,
වත්තක දළු නෙළුවත්
සිත සැනසිල්ලෙන්
ජීවත් විය යුතුයි.
ඒ විදියට
සැනසිල්ලෙන් ඉන්න නම්
ආවේග ශීලී වීමෙන්
ජීවිතය අවුල් කර නොගන්නට
ලෝකයට බරක් නොවන්නට
ඔවුන් කුඩා කළ දීම ඉගෙන ගත යුතුයි.
අවු 6ක් සහ 8ක් වන
මගේ දරුවන් දෙදෙනා
දැනටමත්
බොහෝ දුරට ඔවුන්ගේ සිත
හඳුනනවා.
ඔවුන් පංචස්කන්ධය,
පංච නීවරණ
ඉතා සරලව හඳුනනවා.
නම වශයෙන් පිළිවෙළින්
මතක් කරගන්න නොහැකි වෙයි.
ඒත් ජීවිතයට සම්බන්ධ අත්දැකීමක්
ඔවුන් හඳුනනවා.
කෑමට ඇති ආශාව
කාමඡන්ද බව ඔවුන් දන්නවා.
දුක, තරහ, භය
ව්‍යාපාදය බව දන්නවා.
නිදිමත, වෙහෙස කියන්නෙ
ථින මිද්ධ බව ඔවුන් දන්නවා.
උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා දෙක
හඳුනා ගැනීම අපහසුයි.
බුදුන් වහන්සේගෙ ධර්මය
අත්දැකීම් වලට සම්බන්ධ කරන කොට
ඔවුන් හඳුනා ගනීවි.
ඒ අතරෙම ඔවුන් ඒ නීවරණ වලට
උපේක්ෂාවෙන් ඉන්න පුරුදු වෙනවා.
ඔවුන් උපේක්ෂාව වඩන්නෙ
හිතේ ඇතිවෙන නීවරණ වලටයි.
ඒ ආවේග වලට වැවෙන්න අවස්ථාවක් නැහැ.
උප්පාද වය ධම්මිනෝ.
ඉපදුනොත් වැය වීමයි ස්වභාවය.
ඒ නීවරණ වලට පෝෂණය නොලැබෙන කොට
වියැකිලා යනවා.
තමන්ගෙ සිතේ ඇතිවෙන නීවරණවලට
උපේක්ෂාව වඩන ඔවුන්
අන් අයගෙ සිත්වල ඇතිවෙන නීවරණ වලටත්
උපේක්ෂාව හුරු වෙනවා.
දුක, භය, තරහ ඇති කරලා
ඔවුන් ආවේගශීලී කරලා
දක්කාගෙන යන්න අවකාශ අඩුයි..
ඔවුන් එවැනි උපක්‍රම යොදන්නෙත් නැහැ.
දරුවන්
ජීවිතය හඳුනා ගනිද්දීම
විඳ ප්‍රත්‍යක්ෂයෙන් ලබෙන
මූලික අධ්‍යාපනයයි මේ.
මේ දහම් අධ්‍යාපනයට |
අන් සියලු අධ්‍යාපනය දෙවැනියි.